හොර ඡන්දෙට වැට බඳින ඇඟිලි පාට කිරීම නවතී… රුපියල් මිලියන 30ක් රටට ඉතිරියි..!

June 24, 2026 at 11:17 am | by emanisa.lk

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බව තහවුරු කිරීම පිණිස ඇඟිලි වල නොමැකෙන තීන්ත ආලේපනය නතර කිරීම සඳහා කැබිනට් අනුමැතිය පළව තිබේ.

මෙමගින් මැතිවරණයකදී තීන්ත සඳහා වියදම් වූ රුපියල් මිලියන 30කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ.

ඊට අමතරව මෙතෙක් කළත් තීන්ත ආලේප කිරීම සඳහා යොදාගත් නිලධාරින් 12000 ක් පමනද මැතිවරණ රාජකාරීවලට එක් කර ගැනීම නවතා ගැනීමේ හැකියාව හිමිවෙයි.

අතීතයේ සිට මැතිවරණවලදී ඇඟිල්ල පාට කිරීම සිදු කෙරුණේ එක් පුද්ගලයෙකු දේවතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වා ගැනීම සඳහාය.

මෙම තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමට ජාතික හැඳුනුම්පත ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අනිවාර්ය කිරීමට ද මෑතක දී පියවර ගැණිනි..

ඒ අනුව එකම කාර්යයක් සඳහා ක්‍රියාමාර්ග දෙකක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් මෙම තීන්දව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *