හොරු එළවන්න ආ අරගල නායක ධනීස් අලී ලක්ෂ 30ක් කප්පම් ඉල්ලා මාට්ටු…!

September 3, 2023 at 1:00 pm | by emanisa.lk

පාපන්දු සම්මේලන නිලවරණය සඳහා අරගලකරුවන් යැයි කියා ගත් පිරිසක් කප්පම් ඉල්ලා බලපෑම් කරමින් ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් පවසයි.

පසුගිය අරගල සමයේ කොණ්ඩ රැවුල් වවා ගෙන තොප්පි දා ගෙන රාජ්‍ය ආයතනයක් වෙත කඩා පැන්න පුද්ගලයා තමන් නැවත පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට පත් කිරීම සඳහා කැම්පේන් කිරීමට රු. ලක්ෂ 30ක් ඉල්ලා සිටි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

තමන් සතුව අරගලය නම් බ්‍රෑන්ඩ් එක ඇති බවත් එමගින් ඕනෑ ම දෙයක් පෙරළිය හැකි බව අදාළ අරගලකරු ප්‍රකාශ කළ ද ජස්වර් උමාර් සඳහන් කරයි.

ලක්ෂ 30 අනතුරුව ලක්ෂ 6ට බැස ඊට පසු ලක්ෂයට බැස පසුව රු. 20 000ක් ඉල්ලා එවූ පණිවිඩ තමන් සතුව ඇතැයි ද ඔහු කීවේ, කොළඹ දී මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *