ජාතික ජන බලවේග ආණ්ඩුවට අතිවිශාල ජනවරමක් ලැබුණේ හොරකමට වංචාවට සහ නාස්තියට එරෙහිව බව ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යෙව්දී කුලශ්‍රී කාරියවසම් පවසයි.
එහෙත් ජනතාව මහත් බලාපොරොත්තු සහිතව පත්කළ ආණ්ඩුව පත්කළ වත්මන් සිපෙට්කෝ, ලංවිම, සතොස, ශ්‍රීලන්කන්, තල් සංවර්ධන, ධීවර සංස්ථා සභාපතිවරුන්ට මෙන්ම බස්නාහිර ආණ්ඩුකාරවයාට ද දූෂණ චෝදනා හෝ බැඳියාවන් අතර ගැටුම් පිළිබඳ චෝදනා ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
එපමණක් නොව වර්තමාන ආණ්ඩුවේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, පද්මා එදිරිසිංහ පරිවර්තනය කළ ආර්.එල්. බ්‍රෝහියර්ගේ කෘතියක් ඇසුරින් කළ ගුවන් විදුලි වැඩසටහනක් තම නමින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කොට බුද්ධිමය දේපළ වංචාවක් පිළිබඳ අධිකරණයේ දී වැරදිකරු වූ පුද්ගලයෙකු බව ද කුලශ්‍රී කාරියවසම් අනාවරණය කරයි.
එහෙයින් මේ වන විට හොරකමට එරෙහිව පත්කළ ආණ්ඩුව හොරුන් විසින් ඇල්ලුවේ ද යන්න පිළිබඳ සැකසංකා මතු වන බෙ ඔහු පෙන්වා දෙයි.
සිය youtube නාලිකාව ඔස්සේ කුලශ්‍රී කාරියවසම් මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.