හොරුන්ට හීන් දාඩිය දමයි… මගුල් ගෙදර ගිය අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි…!

November 26, 2024 at 3:24 pm | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වන දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

2015 වසරේ සිදු කළ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු ද සැකකරුවකු වශයෙන් නම්කර ඇත.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මංගල උත්සවයකට සහභාගී වන බව ප්‍රකාශ කරමින් යහපාලන ආණ්ඩුව සමයේ රටින් පළා ගිය අතර මෙතෙක් ඔහු සිටින තැනක් පිළිබඳ වාර්තා නොවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *