බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවය.
කෙසේ වුව ද රාත්‍රී 10 සිට උදෑසන 50 දක්වා ඊට 15%ක අතිරේඛ ගාස්තුවක් එකතු කරන අතර මුල් කිලෝමීටරය සඳහා ගාස්තු අඩු වීමක් සිදු නොවනු ඇත.
කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර මහතා ඒ බව සඳහන් කළේය.
කිසිවෙකු අසාධාරණ ලෙස ගාස්තු අය කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු පොලිසියට, පාරිභෝගික සේවා අධිකාරියට හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.