තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය සංවාදයකින් විසඳා ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.