හිමිකරුවන් නොමැති ඡන්ද පත්‍රිකා ලක්ෂ තුනක් තැපෑලේ….!

September 20, 2024 at 8:48 am | by emanisa.lk

නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 3ක් ඊයේ (19) වන විට රට පුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව වාර්තා වෙයි.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ පනස්දහසකට අධික පිරිසක් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන ගොස් ඇති බවයි.

නිවෙස්වලට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මැතිවරණ නීතියට අනුව ඉකුත් 14දා අවසන් කළ බව තැපැල්පතිවරයා පැවසීය.

ඡන්ද කාඩ් හිමිකරුවන් නිවෙස්වල නොසිටීම නිසාත් අත්සන් කොට ඒවා භාරදීමට නොහැකි වූ නිසාත් මෙසේ ගොඩගැසී ඇති ඡන්ද කාඩ් ළඟම තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරුකර ලබා ගැනීමට හැකි අතර ඡන්දය පැවැත්වෙන 21 වැනිදා ද දිවයිනේ සියලු තැපල් කාර්යාල විවෘත බව ඒ මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *