හිටපු මන්ත්‍රී 05ක් නිවාස භාර නොදී රට ගිහින්… අලුත් මන්ත්‍රීලා නිවාස පෝලිමේ…!

November 25, 2024 at 12:57 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිවාස භාර දීම පසෙක තබා විදෙස්ගතව ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීන් අපහසුතවට පත්ව තිබේ.

මේ වන විට හිටපු මන්ත්‍රීවරුන් 80 දෙනෙක් නිවාස භාර දී ඇති අතර තවත් විසිදෙනෙක් නිවාස භාර දීමට තිබේ.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීම ලබන මස 3 වෙනිදා ආරම්භ කරන බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *