හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 110කට අධික මුදලක් වෙන් කරන බව වාර්තා වෙයි.
මේ සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා, විදුලි බිල, ජල ගාස්තු, කෑම බීම, ඉඳුම් හිටුම්, ප්‍රවාහන වියදම් ආදිය ඇතුළත් වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා – තිස්දෙකෝටි හැටපන් ලක්‍ෂ අසූදෙදහස් අටසිය දහනවයයි (326582819)
රනිල් වික්‍රමසිංහ මහතා – විසිපන්කෝටි තිස්තුන් ලක්‍ෂ අනූපන්දහස් දෙසිය හතළිස් නවයයි (253395249)
මෛත්‍රීපාල සිරිසේන- දහ අටකෝටි පනස් එක් ලක්‍ෂ හැටහයදහස් පන්සිය තිස්පහයි (185166535)
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය – නවකෝටි අසූඅට ලක්‍ෂ හැත්ත එක් දහස් අටසිය හැටහයයි (98871866)
ගෝඨාභය රාජපක්ෂ මහතා – තුන්කෝටි අනූඑක් ලක්‍ෂ හතළිස් එක් දහස් හාරසිය අසූඅටයි (39141488)
හේමා ප්‍රේමදාස මහත්මිය – දෙකෝටි අනූ අටලක්‍ෂ හැත්තෑඅටදහස් අටයි (29878008)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එහි දී වැඩි ම වියදමක් දරන අතර අඩුම වියදමක් දරන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමාදස වෙනුවෙනි.