හිටපු ජනපති සැප ගන්නේ මහින්දලා.. මම සරල ජීවිතයක් ගෙවන්නේ…! – චන්ද්‍රිකා…

September 16, 2024 at 6:16 pm | by emanisa.lk

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් අධික ලෙස වරප්‍රසාද භාවිත කළ ද තමන් එසේ නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

තමා දැනට භාවිත කරන්නේ වාහන 04ක් පමණක් බවත් තමා විශ්‍රාම යන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ වාහන 10ක් නැවත ලබා ගත් බවත් තමා තවත් වාහන 07ක් රජයට භාර දුන් බවත් ඇය සඳහන් කරයි.

2015 වන තුරු මහින්ද රාජපක්ෂ පාලනය තමන්ට ලබා දුන්නේ රු. 25000ක් වුව ද අනතුරුව තහමන්ට ද රු. ලක්ෂයක පමණ විශ්‍රාම වැටුපක් හිමි බව ද චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරයි.

එම මුදල් තමා භාවිත කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජසේවා කටයුතු සඳහා බව ද හිටපු ජනාධිපතිනිය වැඩි දුරටත් කියයි.

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක විසින් හිටපු ජනාධිපතිවරුන් අධික ලෙස වරප්‍රසාද භාවිත කරන බවට ද නඟන චෝදනාවට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *