හිටපු ජනපති දියණියගේ රන් ඔටුවා හොරු උස්සයි..!

January 23, 2024 at 12:17 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන පදිංචි බත්තරමුල්ල වික්‍රමසිංහපුර නිවස බිඳ නිවසේ තිබූ රන් ආලේපිත ඔටුවකුගේ පිළිමයක් ඇතුළු රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා දේපළ සොරකම් කරගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

පෙරේදා (20) දහවල් 12ත් සවස 06ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව ඇත. චතුරිකා සිරිසේනගේ සැමියා වන සුරංජිත් වේවැල්පනාව විසින් මේ පිළිබඳ තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදී නිවසේ අල්මාරියක තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල්, රන් ආලේපිත ඔටුවකුගේ පිළිමයක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි අටක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් සොරකම් වී ඇතැයි අනාවරණය වී ඇත.

සොරකමට ලක්වූ මුදල් හා භාණ්ඩවල වටිනාකම රුපියල් විසි නව ලක්ෂ හැට හතර දහසක් බව පොලිසිය සඳහන් කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *