පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දී දේපළවලට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
අයුතු ජන රාශියක සාමාජිකයෙකු වී අනර්ථය සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.