හිටපු අමාත්‍ය යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී. ඒකනායක රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හි විවිධ අමාත්‍ය ධූර දැරූ ටී.බී. ඒකනායක පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය.
ටී.බී. ඒකනායක මිය යන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.