අනුරාධපුර පූජාභූමී සංවර්ධන යෝජනාවලියේ ඇතැම් යෝජනාවලට හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි විරුද්ධ වූ බවත් ඊට සතියකට පසු එහිමියන්ට ළමා අපචාර චෝදනා එල්ල කර ධුරයෙන් පහකර දැමීමට කටයුතු කළ බවත් පැවසෙන ආන්දෝලනාත්මක පුවතක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
“තීරණාත්මක හෝරාවක අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පූජාභූමි සම්බන්ධ රැස්වීමේදී, ඇතැම් යෝජනාවලට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ විරෝධය පළ කළහ.
එම රැස්වීමට ඉන්දීය නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී සිටියහ. රැස්වීමෙන් සතියක් ඇතුළත පල්ලේගම නාහිමියන්ට එරෙහිව අපචාර චෝදනා එල්ල කළහ. විදේශීය, ඔත්තු සේවා කෙතරම් බලවත්ද?”
මේ අතර ගවේෂණාත්මක මාධ්‍ය වේදී කීර්ති රත්නායක පසුගිය මැයි 04 වෙනිදා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ආණ්ඩුව පල්ලියට එක හැන්දකින්ද පන්සලට තවත් හැන්දකින්ද බෙදන අතර පල්ලේගම හේමරතන හිමිට ළමා අපචාර චෝදනා නැගීම පිටුපස දැවැන්ත කුමන්ත්රණයක සේයාවක් දක්නට ඇති බවයි.