අනුරාධපුර බෞද්ධ පූජා භූමිය කිසිසේත් සර්වාගමික පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට ඉඩදියි නොහැකි බවත් එය බෞද්ධ පූජා භූමියක් ලෙස පැවතිය යුතු බවත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අවධාරණය කරයි.
එහි නියෝජ්‍ය සභාපති, මාධ්‍ය ප්‍රකාශක රොෂාන් මද්දුමගේ පෙන්වා දෙන්නේ ‘අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලසුම’ යනුවෙන් එළිදක්වා ඇති ගැසට් පත්‍රය ‘අනුරාධපුර බෞද්ධ පූජා භූමි සංවර්ධන සැලසුම’ ලෙස නිවැරදි කර නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවයි.
මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායකගේ අත්සන සහිතව බවත් එහි මෙම පූජා භූමියේ කළ යුතු කටයුතු සඳහන් කළද නොකළ යුතු කටයුතු කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි.
බුදු දහම ඇදහීම ගෝත්‍රික වැඩක් බවටත් ග්‍රීසියේ මෙවැනි පෞරාණික ස්ථාන හොටෙල්වලට විකුණා මුදල් උපයමින් ඇති බවටත් ඇමති බිමල් රත්නායක මෙයට පෙර සිදුකර ඇති ප්‍රකාශ අනුුව අනුරාධපුර බෞද්ධ පූජා භූමියත් හොටෙල්වලට විකුණා ලාභ ලැබීමට සැරසෙන්නේද යන සැකය බෞද්ධ සමාජය තුළ බලවත් ලෙස මතුව ඇතැයිද රොෂාන් මද්දුමගේ සඳහන් කරයි.
ග්‍රීසිය පිළිබඳ ඇමතිවරයාගේ ප්‍රකාශය වැරදි වන අතර ඔවුන් සිය පෞරාණික උරුමය සංරක්ෂණය කර පණ මෙන් ආරක්ෂා කර ගන්නා අතර සංචාරක කර්මාන්තය ඔස්සේ මුදල් උපයන බවත් ඔහු සඳහන් කරයි. එහෙත් මේ රටේ ඇතැමුන් ඔළුවෙන් අල්ලාගත යුතු දේ නැට්ටෙන් අල්ලාගෙන සිය දේශපාලන වාසි උදෙසා රට ජාතිය ඇපයට තැබීමට උත්සාහ කරන බවටද හෙතෙම චෝදනා කරයි.
නිරාගමික, අබෞද්ධ, සිංහල බෞද්ධ විරෝධී, සර්වාගමික කණ්ඩායම්වලින් බුදු සසුන සහ රට දැය රැකගැනීම උදෙසා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත් මහා සංඝ රත්නයත් බෞද්ධ සංවිධානත් අනුරාධපුර මිහින්තලා පුදබිමේ කටුසෑය අබියස 11 වෙනිදා උදෑසන අධිෂ්ඨාන පූජාවක නිරත වන බවද රොෂාන් මද්දුමගේ ප්‍රකාශ කරයි.
අනුරාධපුර බෞද්ධ පූජා භූමිය කිසිසේත් සර්වාගමික පුද බිමක් නොවිය යුතු බවත් එහි සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට සහ අධීක්ෂණය සඳහා බෞද්ධ සහ ජාතික සංවිධානවල සුජාත නියෝජනයක් පත්කළ යුතු බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති රොෂාන් මද්දුමගේ මේ බව කීය.