මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙවර මහ මැතිවරණයට තරග කරන බව ප්‍රකාශයට පත්කර තිබේ.
එරට විශිෂ්ට දේශපාලඥයෙකු මෙන් ම මැලේසියාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ පුරෝගාමියෙකු සැලකෙන ඔහුගේ වයස අවුරුදු 97කි.
1964 ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත්වන මහතීර් මොහොමඩ් අනතුරුව දෙවරක් අග්‍රාමාත්‍ය ධූරය උසුලනු ලැබීය.
පසුව 2018 වසරේදී ඔහු යලි එම ධූරයට පත්වේ. ඒ, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිදු කළ මහා පරිමාණ වංචාවකින් අනතුරුවය.
පසුව ඔහු නජීබ් රසාක් අග්‍රාමාත්‍යවරයාගේ දූෂණ, වංචා හෙළි කරන අතර, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලබයි.
නැවත වතාවක් මෙවර මැතිවරණයට තරග කිරීමෙන් අනතුරුව ඔහුගේ සංධානය ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරනවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.