ඉදිරි මාස කීපය ඇතුළත සහල් කිලෝව රු. 1000 ඉක්මවනු ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අගවයි.
එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරට උග්‍ර සහල් හිගයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද ඒ නිසා මෙලෙස සහල් මිල ඉහල යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ තත්ත්වය ගැන අවධානය යොමුකර වගාවන් සඳහා අවශ්‍ය පොහොර වහාම ලබා දීමට කටයුතු කරන ලෙස ද එම සංගමය බලධාරීන් ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම කඩිනමින් විකල්ප ආහාර වගාවන් සඳහා යොමුවන ලෙස ඔවුහු මහ ජනතාවගෙන්ද ඉල්ලීමක් කරති.