හැම ගමකම මාලිමා ශාඛා පිහිටුවලා අපේ අය දානවා…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

October 31, 2026 at 1:00 pm | by emanisa.lk

රට පුරා සෑම ග්‍රාමසේවා වසමකටම ජාතික ජන බලවේග ශාඛාවක් ඇති එමගින් පක්ෂයට අදාල කණ්ඩායම ආණ්ඩුකරණයට සම්බන්ධ කර ගන්නා බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“හැම ග්‍රාම සේවා වසමකටම ජාතික ජන බලවේගයේ ශාඛාවක් කියමුකෝ. මාලිමාවේ ගමේ ආයතනය හදනවා.

දැන් අපි ආණ්ඩුකරණ පක්ෂයක්නේ. ජාතික ජන බලවේගයේ යම් ග්‍රාම සේවා වසමක ඉන්න අපේ කණ්ඩායම මේ ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනි.

එතකොට තමයි ඉහළ සිට පහළටම අවශ්‍ය කටයුතු ටික සිද්ධ වෙන්නේ.”

මහනුවර පැවති ජාතික ජන බලවේග ජනරැලියක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *