හැමෝම වැව්වාම ගොවියන්ගේ බඩ රස්සාව ඉවරයි! ඒ නිසා ගෙවතු වගාව කරන්න එපා! – ජනක ඉනිමංකඩ

April 8, 2020 at 10:39 am | by emanisa.lk

ගොවිතැන් කරන අයට උවමනා පහසුකම් ලබා දී එම අස්වනු මිලට ගනු මිස සියලු දෙනා වගා කිරීමට ගියහොත් ගොවි ජනතාව අසීරුතාවට පත්වනු ඇතැයි ජනක ඉනිමංකඩ පවසයි.

එහෙයින් ගොවි ජනතාව නොවන අය වගා කටයුතු නොකළ යුතු බවත් තමන් දන්නා කර්මාන්තයක් කරගෙන සිටිය යුතු බවත් හෙතෙම ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

මෙයට පෙර සියලු සෞඛ්‍ය මූලධර්ම පසෙක දමා කොරෝනා වසංගතය පිළිබඳ අනුගමනය කළ යුුතු බව කී සියලු ආරක්ෂණ ක්‍රමවේද නොතකමින් ආහාර උයන ආහාර බෙදන පාලිත තෙවරප්පෙරුම මහත් සේ වර්ණනා කර තිබිණි.

ජනක ඉනිමංකඩ පොත් ප්‍රකාශකයකු සංස්කාරකවරයෙකු පරිවර්තකයකු මෙන්ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ ප්‍රමුඛයකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *