වර්තමානයේ බදු සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා නැංවීම විසඳුමක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
“බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය යුතුයි කියන එක මම පිළිගන්නවා. හැබැයි එය අපේ බදු ගෙවන සීමාව ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම නෙමෙයි මම අදහස් කරන්නේ. මා අදහස් කරන්නේ ඊට වඩා වෙනස් දේවල්.
නමුත් අපි බදු ක්‍රමය සංශෝධනය කර ගැනීමෙන් අපේ අයවැය ප්‍රශ්නයට තව දුරටත් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන කොන්දේසිවලට එකඟව ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ජනතාවටත් ඒකේ සහනය ලැබෙන්න පුළුවන්.
අපේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපේ විශාල පිරිසක් බදු ගෙවන්නේ නැහැයි කියන එක. මම අදහස් කරන විදියට හැමෝම බදු ගෙවිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. මම හිතනවා සියලුම දෙනා රු. 100 කින් හරි අවුරුද්දකට බද්දක් ගෙවිය යුතුයි. ඒකේ වාසියක් තියෙනවා ඒ රු. 100ට වඩා. මොකද ඒ සියලු දෙනාම දත්ත පදනමකට එකතුවෙලා ඒ අයට වගකීමක් හිතට ලැබෙනවා, අපිත් මේ රටේ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීමට දායක වෙනවා යැයි කියන එක.
දෙවනුව බදු අනුපාත අඩුවෙන්න ඕනේ. හැබැයි අඩු කරන්න බැරි, බොහෝ දෙනෙක් බදු ගෙවන්නේ නැති නිසා. අපි වැට් වගේ වක්‍ර බදු ගත්තත්, ආදායම් බදු ගත්තත් ඔය දෙකෙන්ම මඟ හැරීම් විශාල වශයෙන් තියෙනවා.
මේක වැඩි දියුණු කර ගැනීමට මම හිතන්නේ තොරතුරු ලබා ගැනීම, තාක්ෂණය භාවිත කිරීම සහ වංචා දූෂණ වැළැක්වීම සියල්ල එකතුව තමයි වැඩිදියුණු කර ගත යුත්තේ. මේ අනුව තමයි අපේ බදු ආදායම් වැඩිකර ගැනීමට පුළුවන් වෙන්නේ. එහෙම වුණාම අපේ ජනතාවට තියෙන බදු බර මීට වඩා අඩුවිය යුතුයි කියන එක මම කල්පනා කරනවා.”
අද (18) පෙරවරුවේ දෙරණ Big Focus වැඩසටහන සමඟ එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසීය.