හැකි නම් මෝදි සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම රට හමුවේ තබනු….! – ජනපතිට දිලිත්ගෙන් අභියෝගයක්…

April 12, 2025 at 8:29 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ගිවිසුම් 07ක් අත්සන් කොට ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ගිවිසුම් ගැන විදේශ අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් කළ ද එහි අන්තර්ගතය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ බවයි, ඔහු සඳහන් කළේ.

ඒවා අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන ලෙස ආණ්ඩුව ප්‍රකාශ කළ ද කිසිදු රජයක් මෙවැනි තත්ත්වයට නොවැටුණු බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ආණ්ඩුවට අත්සන් කළ ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස අභියෝග කරන බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද ආණ්ඩුව අදාළ ගිවිසුම් ගැන තොරතුරු ලබා නොදෙන බවත් ලබා ගැනීමට ඉඩ ලබා නොදෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මේ වන විට රට වෙනත් බලවේග විසින් පාගා ගෙන ඇති බවත් එම නිසා ආණ්ඩුව කිසිසේත් මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් නොකරන බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති සර්වජන බලය ජනහමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *