ලංකාවේ වී අතිරික්තයක් තිබුණ ද වෙළඳපොළේ සහල් හිඟයක් ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මෝල් හිමියන් සිය වී ගබඩා බැංකුවලට උකස් කොට ණය ගැනීම නිසා වී කොටස් වශයෙන් නිකුත් කිරීම ද මෙම හිඟයට හේතුවක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ වන විට රජය සහල් ආනයනයට තීන්දුවක් ගෙන ඇති බවත් ඉදිරි සති තුන ඇතුළත වෙළඳපොළේ සහල් ගැටලුව විසඳන බවත් වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
අධික ලාභ ලැබීම සඳහා ගබඩාවල වී සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට මේ නිසා ඉදිරි තත්ත්වය එතරම් සුබ නොවන බව දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කරයි.