විශේෂ වෙළෙඳ බද්ද වැඩි කිරීමෙන් පසුවත් පාරිභෝගිකයන්ට සහනයක් ලෙසට පැරැණි මිලට ම හාල්මැස්සන් විකිණීම නිසා ලංකා සතොසට රුපියල් කෝටි 9.15ක අලාභයක් සිදුව තිබේ.
විශේෂ වෙළෙඳ බද්ද ඉහළ දැමීමෙන් පසුව හාල්මැස්සන් කිලෝග්‍රෑමයකට පැවැති බද්ද රුපියලේ සිට රුපියල් සියය දක්වා ඉහළ දැමුණු අතර පසුව ප්‍රතිපූරණය කිරීමේ එකඟතාව මත පැරැණි මිලට ම හාල්මැස්සන් සතොස අලෙවිසැල් මඟින් බෙදාහැරීමට කටයුතු කෙරිණි.
ඒ හේතුවෙන් 2021 වසරේ පෙබරවාරි මස 5 වැනි දා සිට දෙසැම්බර් මස 27 වැනි දා දක්වා හාල්මැස්සන් කිලෝග්‍රෑම් 917,125ක් පැරැණි මිලට විකිණීමෙන් මෙම පාඩුව සිදුව ඇත.