අලුත් අවුරුදු සමයේ සුදු සහ රතු කැකුළු රුපියල් 95 ටත් නාඩු සහල් රුපියල් 97ටත් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ලබන අප්‍රේල් පළමුවැනිදා සිට සියලු සුපිරි වෙළදසැල්, සතොස සහ සමුපකාර වෙළදසැල් මෙම මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට එකඟතාව පළ කළ බව ද ඇමැති අලුත්ගමගේ කීය.
මේ පිළිබඳ සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළඳසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කර ඇති අතර අදාළ මිලට හාල් විකිණීමට ඔවුන් එකඟතාව කළ බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.