පසුගිය වසරේ පොල් ඵලදාව 8%කින් පහත වැටීම සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 26%කින් ඉහළ යෑම නිසා රට තුළ පොල් හිඟයක් නිර්මාණය වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඊට මුහුණ දීම සඳහා පොල් වගාවට පොහොර යොදා ඵලදාව නංවා ගැනීම, පොල් වගා කිරීම ආදී කටයුතු ආරම්භ කර ඇති නමුත් කෙටි කාලීන විසඳුමක් ලෙස පොල් ආනයනය කිරීමට සිදුව ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.
එම තිත්ත යථාර්ථය ප්‍රකාශ කළ විට නි. ඇමති චතුරංග අබේසිංහට හෝ තමන්ට සිනාසී පලක් නැති බවයි, ඔහු සඳහන් කළේ.
හාල්, පොල්, ලුනු පමණක් නොව අපනයන තත්ත්වයේ මාළු රටේ නිෂ්පාදනය නොවන නිසා ඉදිරියේ දී මාලුත් ගෙන ඒමට සිදුවනු ඇතැයි ද ඊට හේතුව වසර හැත්තෑ ගණනක් තිස්සේ රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැට්ටවීම බවත් ඇමති හඳුන්නෙත්ති පවසයි.
සිය ප්‍රතිපත්ති මගින් රටේ ආර්ථිකය බිඳ වැට්ට වූ පිරිස දැන් තමන් විවේචනය කර පලක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
උත්සව සභාවක් අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.