හරීන් ලංකාව ඉන්දීය ප්‍රාන්තයක් කීවේ විහිළුවට..! ඒක එච්චර සීරියස් ගන්නෙපා..! – නාමල් රාජපක්ෂ…

February 21, 2024 at 12:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විහිලුවට කර තිබෙන කතාවක් බවත් එය එතරම් සීරියස් ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බවත් ස්වෛරී නිදහස් රටක් බව ඕනෑම කෙනෙක් දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සරල දේශපාලන කාරණයකට සරල පිළිතුරක් දීම මිස පරිණත දේශපාලන පිළිතුරකින් පලක් නැති බව ද නාමල් රාජපක්ෂ මහතා කියයි.

නාමල රාජපක්ෂ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *