හරීන් ප්‍රනාන්දුට නැවතත් පැය 08 සැත්කමක්…!

September 30, 2021 at 10:28 pm | by emanisa.lk

තමා ඔක්තෝබර් පළවෙනිදා එනම් හෙට පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙි සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු සඳහන් කරන්නේ පහුගිය මැයි මස පළමු වැනිදාත් ජීවිතයේ මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.

“මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණවලට මුහුණ දීලා තියෙනවා. අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි. අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නේ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට. ඒ වෙනුවෙනුත් මම සූදානම්! යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *