පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට වත්මන් රජය සමඟ එක්වන ලෙස දන්වමින් නිල මට්ටමේ විශේෂ ඉල්ලීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය හමුවේ ඔහුගේ දායකත්වය රජයට ලබා ගැනීම මෙහි මූලික අරමුණ වී ඇති බව වාර්තා වේ.
මෙම ආරාධනයත් සමඟ ඔහු වෙනුවෙන් රජයේ ඉතා ප්‍රබල හා වගකිවයුතු අමාත්‍ය ධුරයක් හෝ විශේෂ තනතුරක් වෙන් කිරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය හා මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඔහු සතු විද්වත් දැනුම උපයෝගී කර ගැනීම කෙරෙහි මෙහිදී වැඩි බරක් තබා ඇති බව පැවසේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව තුළ මෙන්ම පොදු ජනයා අතර ද ඉහළ ගෞරවයක් දිනාගත් දේශපාලනඥයෙකි. ඔහු වෘත්තීය මට්ටමේ විනයක් සහිත, දූෂණ චෝදනාවලින් තොර අගතිගාමී නොවන චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන බැවින්, මෙවැනි ආරාධනයක් ලැබීම දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇත.
කෙසේ වෙතත්, මෙම නිල ඉල්ලීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෝ ඔහුගේ පාර්ශ්වය මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශ කර නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්පත් දිල්ලිමුණි