විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දියානු සංචාරය සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා එකතු කර නොගැනීම කතා බහට ලක්ව තිබේ.
හිරු නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු සඳහන් කළේ එම සංචාරය පිළිබඳ තමන් දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවයි.
කෙසේ වුව ද මෙම සංචාරය සඳහා කෝට්ටේ නගර සභා මන්ත්‍රී මෙන්ම හර්ෂ ද සිල්වාගේ කාර්යමණ්ඩල සාමාජිකයකු ද වන චමත් විජේසුන්දර සහභාගී කර ගෙන තිබේ.
කෝට්ටේ ආසනයේ සමගි ජන බලවේග ප්‍රධාන ආසන සංවිධායකවරයා ද හර්ෂ ද සිල්වාය. ඔහුට අදාළ සංචාරය ගැන කිසිදු දැනුම් දීමක් ද සිදුකර නැත.