මිහින්තලා රජමහා විහාරයේ හමුදා ඇඳුමෙන් සැකකටයුතු දෙදෙනකු සිට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේය.
මේ අය වලවාහැංගුණවැවේ ධම්මරතන මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට හානියක් කිරීමට පැමිණි දෙදෙනෙකුදැයි සැකයක් මතුව ඇති බව ද ඔහු සඳහන් කළේය.