මැයි 10 වන දා තවත් ගෙවල් 100ක ගිනි තැබීමට ලැයිස්තුවක් සකස් කරගෙන සිටි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
එම ලැයිස්තුවේ මුලින් ම සිටියේ සජබ මන්ත්‍රීවරුන්ගේ සහ නායකයින්ගේ නිවාස බවයි, ඇමැතිවරයා අනාවරණය කළේ.
ඒ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වී හමුදාව පාරට බස්වා වෙඩි තැබීමට නියෝග කළ බවත් හෙතෙම සඳහන් කරයි.
රත්ගම, අංගොඩ සහ පිටකෝට්ටේ එම වෙඩි තැබීම් තුන නොකරන්නට සජබ මන්ත්‍රීවරුන් 100ක නිවාස ද ගිනි තබා විනාශ කරන බවයි, විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුව අමතමිනි.