ආරක්ෂක අංශ යටතේ පවතින උතුරු පළාතේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා යාපනයේ දී මේ බව සඳහන් කර ඇත.
ගංවතුරින් පීඩාවට පත්ව ඇති උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා එහි දී සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබේ.
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇතැයි ඔහු එහිදී පවසා ඇත.
ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ දැනටමත් උතුරු පළාතේ වසා දමා තිබුණු මාර්ග කිහිපයක් විවෘත කිරීමට කටයුතු කර ආරක්ෂක අංශ සතුව පැවැතුණු ඉඩම් කිහිපයක්ද ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.