ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම සමග දෙපැත්තකට බෙදී මෙරට විරෝධතා කිරීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව ඩෑන් ප්‍රියසාද් පවසයි.
අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කෑවා යැයි කෑ ගැසිය යුතු නැති බවත් මේ අවස්ථාවේ යුද්ධ කරන්න තබා කැටපෝලයක් ගැනීමටවත් රටේ සල්ලි නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
සිය මන්ත්‍රීකම ද නැති කරගත් අය සුළු පිරිසක් සමග පාරට බැස පලස්තීනය වෙනුවෙන් කෑ ගැසුව ද මේ රටේ බහුතර ජනතාව අන්තවාදීන්ට සහය ලබා නොදෙන බවයි, ඔහු අවධාරණය කළේ.
ඊශ්‍රායලයට පසු මුළු ලෝකයම අල්ලා ගන්නා බවට පාරම් බව හමාස් නායකයා පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවට අත තැබූ දවසට බව ද ඩෑන් ප්‍රියසාද් අනතුරු ඇඟවූයේ මාධ්‍ය හමුවක් අමතමිනි.