හම්බන්තොට 88 වසරක රාජපක්ෂ කඳවුර බිඳ වැටේ… මෙවර ඡන්දෙට කිසිවෙකු නෑ…!

October 14, 2024 at 11:17 am | by emanisa.lk

රාජපක්ෂවරුන්ගේ බල කොටුව ලෙස සැලකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා රාජපක්ෂ පවුලෙහි කිසිවෙකු නාම යොජනා භාරදී නොමැත.

මෙය වසර 88 කට පසු රාජපක්ෂ පවුලෙන් කිසිවකුත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වෙයි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට රාජපක්ෂවරුන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ අතර ඔවුහු අඛණ්ඩව හම්බන්තොට නියෝජනය කළහ.

කෙසේ වුවද මෙවර මහා මැතිවරණය සඳහා කිසිදු රාජපක්ෂවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ නොකරන අතර නාමල් රාජපක්ෂ පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *