හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කාංචන… ගිවිසුම අත්සන් කළේ දිගටම විරුද්ධ වුණ ජනපති අනුර…! – නාමල්…

January 17, 2025 at 3:29 pm | by emanisa.lk

2015ට පෙර මහින්ද රාජපක්ෂ සහ අනතුරුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට තෙල් පිරිපහදුව ගොඩනැඟීමට සැලසුම් කළ අවස්ථාවේ රට චීන කොලනියක් කරන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඊට දැඩි ලෙස විරුද්ධ වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේ එවක බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අදාළ ව්‍යාපෘතිය යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා ගත් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අවසානයේ එම ගිවිසුමට දිගින් දිගටම විරුද්ධ වූ වර්තමාන ජනාධිපති අනුර දිසානායක ඊට අත්සන් කළ බවත් පමා වී හෝ එම ආයෝජනය රටට පැමිණීම අගය කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *