හඳුන්නෙත්ති ලාල්කාන්ත අත්අඩංගුවට නොගත්තොත් කොළඹ වටලනවා..! – එක්සත් රණවිරු ප්‍රජාව

July 18, 2022 at 9:58 am | by emanisa.lk

පාර්ලිමේන්තුවෙන් පැන්ෂන් එක ගන්නා සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩී. ලාල්කාන්ත ඒ ඉදිරියට ගොස් රාජපක්ෂලගේ අන්තිම බංකරේ බිඳින්න එන්නැයි ජනතාවගෙන් ඉල්ලූ බව එක්සත් රණවිරු ප්‍රජාව පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙම ත්‍රස්තවාදය නිසා රට වෙනුවෙන් මහත් සේවයක් කළ රණශූර පදක්කම් දිනූ රණවිරුවන් දෙදෙනෙකු තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් එම සංවිධානයේ කැඳවුම්කරු කපිතාන් අසේල ධර්මසිරි සඳහන් කරයි.

රටේ නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මොවුන් සිදුකළේ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් පොලිස්පතිවරයා වහාම මොවුන් අත්අඩංගුවට නොගන්නේ නම් විශ්‍රාම ගිය රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් සමග කොළඹ වටලන බවත් ඔහු අවධාරණය කරයි.

රටේ ආරක්ෂක හමුදාවට මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වුව ද කිසිදු ජාතික සංවිධානයක් ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් නොකළ බවට ද අසේල ධර්මසිරි චෝදනා කළේය.

ජනතාවට ඉන්ධන ගෑස් ආහාර ඖෂධ ගැටලු පිළිබඳ අරගල කළ හැකි වුව ද එම අරගලයට මුවා වී ගෙවල් ගිනි තබමින් මිනී මරමින් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට ඉඩදිය නොහැකි බව ද අසේල ධර්මසිරි ප්‍රකාශ කරයි.

අරගලයට නායකත්වය දෙන රැට්ටා යනු නාමල් රාජපක්ෂගේ සට්ටැඹියෙකු බව ද ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *