හකීම් සහ බදියුදීන්ගේ පකිස්ථානු අගමැති හමුව අවලංගුයි….!

February 23, 2021 at 4:20 pm | by emanisa.lk

ලංකාවේ දෙ දින නිල සංචාරයක නිරත වන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා කිරීම සඳහා රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන්ට ලබා දී තිබූ අවස්ථාව අවසන් මොහොතේ අවලංගු කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් පසුගිය සතියේ දී මෙරට පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා පාකිස්ථානු අගමැතිවරයා හමුවීමට ඉල්ලීම් කර තිබුණු අතර ඔවුන්ට ඒ සඳහා වේලාවන් වෙන්කර දීමට ද තානාපති කාර්යාලය කටයුතු කර තිබිණි.

එහෙක් අවසන් මොහොතේ එම සාකච්ඡා අවලංගු කෙරුණු බව මෙරට පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *