සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට්ටුව හෙට හෝ අනිත්දා!

July 16, 2020 at 8:32 pm | by emanisa.lk

සෞඛ්‍ය මාර්ගෝපදේශන ඉදිරි දින දෙක ඇතුළත ගැසට් කිරීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මැතිවරණයට අදාළ මාර්ගෝපදේශන සඳහා මූලිකත්වය ලබා දී එම උපදේශන මාලාව පළමුව ගැසට් කරන ලෙස ද සියලු උපදේශන පසුව ගැසට් කරන ලෙස ද මැතිවරණ කොමිසම ඉල්ලා ඇති බව සඳහන් කළ ඇමතිනිය ඒ අනුව කටයුතු කරන බව ද සඳහන් කළාය.

ඒ අනුව මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදේශන නීතිපතිවරයාගේ උපදෙස් අනුව ගැසට් කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බව ද අනාවරණය කළාය.

අද (16) අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක දී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *