සෞඛ්‍ය බලධාරීන් මිනිසත්කමට නිගාදෙන එන්නත් වංචාවක….! ගාල්ලේ එන්නත් දුන් 67%ක් ම බස්නාහිරින්…! පෞද්ගලික තොරතුරු පවා හංගලා…!

June 27, 2021 at 7:45 pm | by emanisa.lk

පසුගිය ජුනි 5 වන දා සහ 7 වන දා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යායේ දී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසෙන් 425 දෙනෙකු බස්නාහිර පළාතේ පුද්ගලයින් බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

එම දින 2 තුළ දී ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී 632ක් එන්නත් ලබා ගෙන තිබේ. එය එම දෙදින තුළ ගාල්ලේ එන්නත් කළ සමස්ත ප්‍රමාණයෙන් 67%කි.

මෙම පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ ලිපින පවා අපැහැදිලි ආකාරයට ලියා ඇති අතර ඇතැම් ජාතික හැඳුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව තහවුරු වී තිබේ.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් සිදුකළ මෙම වංචාවට වගකිව යුතු බව පවසමින් ගාල්ලේ සෞඛ්‍ය බලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දුන්න ද මෙතෙක් ලබා දුන් කිසිදු දඬුවමක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *