සෝභිත හිමි කියන්නේ බොරු…ගෝඨාගේ ආරක්ෂාවට එහිමියන් කළ දෙයක් නෑ…!

March 15, 2024 at 10:55 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

ඕමල්පේ සෝභිත හිමියන්  ඉකුත්දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ නම ද ඈ දා ගනිමින් කර ඇති අසත්‍ය ප්‍රකාශයකට තමාට පිළිතුරු දීමේ අයිතියක් ඇති බව ද හෙතෙම කීය.

සුගීෂ්වර  බණ්ඩාර මහතා වැඩි දුරටත් පවසනුයේ  එවකටත් ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලෙන් පිටවී  යාමට සෝභිත හිමියන්ගේ අවසරයක් හෝ පහසුකමක් අනවශ්‍ය වූ බවය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වෙමින් සුගීෂ්වර  බණ්ඩාර මහතා  පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *