සේනාධිපති පවුල රහසේ ම රටෙන් පිටවෙයි…!

April 4, 2022 at 9:38 pm | by emanisa.lk

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.20 ට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්ත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස