සෙසු පළාත්වලට වඩා සාධාරණයක් උතුරට ඉටුවිය යුතුයි… ඩයස්පෝරාවටත් ආරාධනා කරනවා…! – සුනිල් හඳුන්නෙත්ති…

January 23, 2026 at 3:57 pm | by emanisa.lk

රටේ සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු නැගෙනහිරට සහ එහි ජනතාවට විශේෂ සාධාරණයක් ඉටුවිය යුතුයැයි ආණ්ඩුව විශ්වාස කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

රටේ සෙසු පළාත්වලට වඩා වේගයෙන් ආර්ථිකය විවෘත වීමේ අවස්ථාව එම පළාත්වලට අවශ්‍ය බවත් එය යුක්තිය සාධාරණය ඉටුකිරීමේ කොටසක් බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

උතුරු පළාතේ කර්මාන්ත ගණනාවක් ආරම්භ කරන බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවටද ආරාධනා කරන බවත් ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

පරන්තන් රසායනික කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *