සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හැකි ඉක්මනින් විවෘත කර එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එය නැවත විවෘත කිරීම සඳහා පසුගිය දින කිහිපය පුරා බලධාරීන් උත්සාහ කළද නිෂ්පාදන අංශයේ පිරිසක් සේවය නොපැමිණීම නිසා එය අපහසු වූ බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
සෙවනගල සීනි කම්හලේ සේවකයන් මුහුණදෙන වැටුප් ගැටලුව මෑතක ඇති වූවක් නොව බොහෝ කලක සිට පවතින ගැටලුවක් බවද හෙතෙම අවධාරණය කරයි.
මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙමින් කර්මාන්ත ශාලාවේ කටයුතු ඉක්මනින් ආරම්භ කිරීම ආණ්ඩුවේ අරමුණ බවද එය වසා තැබීම නිසා ආයතනයට තව තවත් පාඩු වන බවද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද පැවති (12) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කීය.