1990 සුවසැරිය ගිලන් රථවල වර්ණය සහ ලාංඡනය වෙනස්කර ඊට ජාතික ජනබලවේගයේ පැහැය ද ලාංජනය ද යොදා සුවසැරිය යන නම ද ඉවත්කිරීමට ආණ්ඩුව උපදෙස් නිකුත්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා චෝදනා කරයි.
රටේ සියලු ජනතාවගේ ආදරය සහ විශ්වාසය දිනාගත් සුවසැරිය සේවාව විනාශ නොකරන ලෙස ද මන්ත්රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
හර්ෂ ද සිල්වා අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර දිනකට කිලෝමීටර් 28000ක ධාවන දුරක් සහිතව 1050 ක් පමණ සුවසැරිය මගින් රෝහල් වෙත ගෙන යන බවද ඔහු ප්රකාශ කරයි.
එසේම සුවසැරිය යනු ආණ්ඩුව පවසන ආකාරයට හදිසි ගිලන් රථ සේවයක් නොවන බවත් සුවසැරිය යනු පූර්ව රෝහල් ප්රතිකාර සේවාවක් බවත් මන්ත්රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.