රටම කතා කරන සුවසැරියත් මගේ සංකල්පයක්….! මට කෙඩිට් වැඩි නිසා ඒ ක්‍රෙඩිට් එක හර්ෂට දුන්නා…! – රාජිත….

May 10, 2021 at 8:12 am | by emanisa.lk

මේ දිනවල මහත් සේ ඇගයුමට පාත්‍ර වන 1990 “සුවසැරිය” ගිලන් රථ සේවාව තමන්ගේ සංකල්පයක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් නොමිලේම ලබා දුන් බවද සේනාරත්න සඳහන් කරයි.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රෝග 5ක් මේ රටින් තුරන් කළ බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක්වූ බවත් පවසන රාජිත සේනාරත්න, තමන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කළ බොහෝ දේවල් පිළිබඳව ලැබුණු ගෞරව වැඩි නිසා සුවසැරිය හඳුන්වාදීමේ ගෞරවය තමා සිය කැමැත්තෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා ගැනීමට අවස්ථාව දුන් බව ද ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවක දී හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *