හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු ප්‍රශ්න කරන්නේ මිනිසුන් තුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ත්‍රස්තවාදී ක්‍රියාවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා නොකර සිවිල් නීතිය යටතේ ක්‍රියා කරන්නද යනුවෙනි.
සුරේෂ් සලේගේ වගකීම සිය පරිගණකයේ සහ දුරකතනයේ මුරපද ඇතුළු තොරතුරු ලබාදෙමින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට සහයෝගය දැක්වීම බවද ඇමතිවරයා අවධාරණය කරයි.
ඇමති නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමිනි.