සුප්‍රීම් සැට් යනු රෝහිත රාජපක්ෂට නොව සම්පූර්ණයෙන් තමන්ට අයත් සමාගමක් බව සුප්‍රීම් ග්ලෝබල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රෝහිත රාජපක්ෂ කෙටි කලක් සිය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී තනතුරේ කටයුතු අතර ඔහුට සිය ආයතනයේ කොටස් නොමැති බවත් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඔහු නොමැති බවත් එම නිවේදනය මගින් අවධාරණය කරයි.
2012 වසරේ අභ්‍යවකාශගත කළ මෙම චන්ද්‍රිකාව මේ වන විට කලාපයේ සන්නිවේදන කටයුතු සඳහා සේවා සපයමින් විදේශ විනිමය උපයන බවත් මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයක නවීන චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවත් එමගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති කණ්ඩායම් විසින් සිය ආයතනය රටට සිදුකරන මෙහෙවර පිළිබඳ තැකීමක් නොකර ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ කනගාටු වන බව ද ඔවුන් සඳහන් කරයි.