ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූයේ මුහුදු ආසන්න කොටසක් පමණක් බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්න්නෙත්ති සඳහන් කරයි.
එහිදී ජීවිත විශාල ප්‍රමාණයක් හානි වුවද දේපල හානි නොවූ නමුත් මෙවර ව්‍යවසනයෙන් රට පුරාම දේපළ හානි වී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙවර එක ප්‍රදේශයකට පමණක් සිදුවූ ව්‍යවසනයක් නොවන බව ද ඇමති හඳුන්නෙත්ති අවධාරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීම සඳහා මුතූර් ප්‍රදේශයේ සිදු කළ චාරිකාවකදීය.