සුදු මහත්වරු ලයින් හදපු තැන් නාය යෑම් අඩුයි… ඒ නිසා වතු ජනතාව ලයිමෙම ඉන්න එක හොඳයි…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

January 26, 2025 at 7:55 pm | by emanisa.lk

තමන් ජීවත් වන බදුල්ල දිස්ත්‍රික්කයේ භූමියෙන් 66.9%ක භූමිය නාය යෑමේ අවදානමක ඇමැති අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

එහෙයින් ජනාධිපතිවරයා හැටන් ප්‍රකාශයෙන් පොරොන්දු ආකාරයට ජනතාවට නව නිවාස, ඉඩම් ලබා දීමේ දී ඉතිරි වී ඇති භූමිය පරිස්සම් කරගත යුතු බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය නම් ආයතනයක් අධිරාජ්‍යවාදී සුදු මහත්වරුන්ගේ පාලන සමයේ නොපැවතිය ද එකල ඔවුන් ඉදිකිරීම් සඳහා තෝරාගත් ස්ථානවල නායයෑම් අඩු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

“සුදු මහත්තුරු හුඟාක් හොඳ තැන් තෝරලා තියෙනවා. එතකොට මේ තැන් පැත්තක දාලා අලුත් තැන්වලට යනවාට වඩා සමහර තැන්වල අපි යෝජනා කරන්නේ ඉන්න ලයිමෙම ඉන්න. අම්මා තාත්තා හිටි තැන ඉන්න කැමතියිනේ. හොඳ නිවාස ක්‍රමයක් ආවොත් අපි පහසුකම් එක්ක මහල් නිවාස දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *