සීමා සලකුණු කරන වැව් අතර පරාක්‍රම සමුද්‍රය නෑ…. ප්‍රකට ව්‍යාපාරිකයාගේ හෝටලය වැව් රක්ෂිතයේ…!

July 20, 2025 at 10:33 am | by emanisa.lk

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා එම රක්ෂිත සීමා යළි සලකුණු කිරීම ඊයේ (19) ආරම්භ විය.

එහි සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අනුරාධපුර නුවර වැව කේන්ද්‍ර කරගනිමිනි. මෙම වසර තුළ දී වැව් 23ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර තිබේ.

මේ යටතේ අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය , මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් 23ක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදුකෙරේ.

කෙසේ වුව ද මෙම මෙලෙස සීමා මායිම් සලකුණු කරන වැව් අතර පරාක්‍රම සමුද්‍රය නොමැති වීම කතා බහට ලක්ව තිබේ. ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හොටෙල් ජාලයේ එක් හෝටලයක් පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේ පිහිටා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *